කෙහෙළියට භාරදී ඇති සෞඛ්‍ය අමාත්‍යංශය කුණු ගොඩක්-මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට භාරදී තිබෙන සෞඛ්‍ය අමාත්‍යංශය කුණු ගොඩක් බවත්, මෙම කුණු ගොඩ සුද්ද පවිත්‍ර කරගෙන නොගියහොත් අමාත්‍ය රඹුක්වැල්ලත් ඉදිරි ගමනක් නැති බවත්, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. හිසරදයට කොට්ට මාරු කළාට පලක් නොමැති බවත්, ඇමතිවරුන් මාරු කර මෙම කොරෝනා ප්‍රශ්නයට විසඳුම් ලබාදිය නොහැකි බවත්...