GMOA විධායක කමිටුව අද රැස්වෙයි. – 07.10.2025

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (07) හදිසි විධායක කමිටු රැස්වීමක් පැවැත්වීමට නියමිතය.ඒ, අම්පාර දිස්ත්‍රික්කයේ වෛද්‍ය මාරුවීම් සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුව සාකච්ඡා කිරීමටයි.අදාළ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පරිපාලනය අත්තනෝමතික ලෙස මාරුවීම් සිදුකරන බවට විරෝධය පළ කරමින් GMOA එම ප්‍රදේශයේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද ආරම්භ කර තිබේ.