ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් එන්නත ලබාදීමට අවධානය

සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබෙන නිර්දේශය අනුව ඇස්ට්‍රසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඒ අනුව මේ වන විටත් නිර්දේශ ලබා ගැනීම සඳහා අදාළ ඉල්ලීම ලිඛිතව අදාළ අංශ වෙත යොමු කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ...