මධ්‍යම පළාතේ සියලුම පාසල්වලට හෙට සහ 22 සඳුදා නිවාඩු. – 18.12.2025

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ සියලුම පාසල්වලට හෙට (19) දිනයේ සහ ලබන 22 වැනි සඳුදා දිනයේ නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා. නත්තල් නිවාඩුවෙන් පසුව යළිත් මෙම මස 29 වැනිදා පාසල් ආරම්භ කිරීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන ප්‍රකාශ කර සිටියා.