ඊයේ (18) නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි සංශෝධනයන කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මීට පෙර වසාදමන බවට නිවේදනය කළ සාප්පු සංකීර්ණ විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී යළි නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම නිවේදනයෙන් කියැවෙන්නේ සාප්පු සංකීර්ණ විවෘතව පවතින අතර වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගණුදෙනුකරුවන් ඇතුළුකරගත හැකි බවයි.

එමෙන්ම කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගතයුතු අතර ආයතනය තුළට ඇතුළත්කර ගත හැකි පුද්ගලයින් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කලයුතු අතර එම මාර්ගෝපදේශයට තදින්ම අනුගතව කටයුතු කළ යුතු බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.