පවතින ඇඳිරි නීති තත්වය නොතකා හැටන් සතොස ශාඛාව ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වේ.

රජය මගින් සිනි සහ සහල් මිල පාලන මිල ප්‍රකාශ කිරිමත් සමග ජනතාව සිනි,සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට මෙලෙස පෝලිම් වල සිටින බව එහිදී වාර්තා කෙරිණි.

සතොස ශාඛාවෙන් දුඹුරු සිනි කිලෝ දෙකක් සහ සුදු සිනි කිලෝව බැගින් සහ සැම වාර්ගයේම සහල් වලින් කිලෝ පහ බැගින් පාරිභෝගිකයන්ට ලබාදෙයි.

පොලිම් පාලනය කිරිම සදහා හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයේ රාජකාරි කටයුතු සදහා යොදවා ඇත.

මේ අතර හැටන් සතොස ශාඛාවේ කළමණාකාරවරයාට හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රි ශෂි රත්නායක මහතා (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ) විසින් පහර දුන් බවට කලමණාකාරවරයා විසින් සතොස ඉහල කලමණාකාරිත්වය වෙත පැමිණිලි කර ඇත.

නාගරික මන්ත්‍රිවරයා (01) දින පස්වරු 2 ට පමණ තම ශාඛාව වෙත පැමිණ රතු පරිප්පු කිලෝ දෙකක් ඉල්ලු බවත්, එහිදි සේවකයන් විසින් තමන් වෙත සතොස ඉහල කලමණාකාරිත්වය විසින් ලබා දි ඇති උපදෙස් අනුව එක් පරිප්පු කිලෝවක් පමණක් ලබාදිමට හැකි බව එම සතොස ශාඛාවේ සේවකයින් විසින් නාගරික මන්ත්‍රිවරයාට පවසා ඇත.

එම අවස්තාවේ උරණ වු නාගරික මන්ත්‍රිවරයා සතොස ශාඛාවේ සේවකයන්ට පරුෂ වචනයෙන් බැන කලහකාරි ලෙස හැසිරි පසුව එම ස්ථානයට පැමිණි එම ශාඛාවේ කලමණාකාරවරයා බැන තර්ජනය කර ප්‍රහාරයක් එල්ල කර ඇත.

පහර දෙන අවස්තාවේ සතොස ශාඛාවේ සෙසු සේවකයින් නාගරික මන්ත්‍රිවරයා අල්ලාගෙන පසුව එම ස්ථානයේ රාජකාරි කටයුතු සිදුකල හැටන් පොලිස් නිලධාරිවරයාට භාර දි ඇත.

ඒ අනුව නාගරික මන්ත්‍රිවරයා පහර දිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් කරන බවද හැටන් සතොස ශාඛාවේ කලමණාකාරවරයා පවසා තිබේ.