මේ රට තවත් බංකොලොත් තත්ත්වයට ඇද නොදමා වහාම ඉල්ලා අස්වී ජනවරම විමසා නව පාලනයකට ඉඩ ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉල්ලීමක් කළේය.

මේ වනවිට ජනතාව හාමතේ සිටින බවත්, ජනතාවගේ අවශ්‍යතා හදුනාගැනීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂනායකවරයා කීය.

ඒ අනුව වහාම මැතිවරණයක් පවත්වන ලෙසද ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.