සම්පූර්ණයෙන්ම රට වැසීමේ බලාපොරොත්තුවක් නොමැති බවත් නමුත් සංචරණ සීමාවල යම්කිසි ආකාරයක තවත් දැඩි කිරීමක් සිදුවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාකච්ඡාව අවසන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.