මෙරට මීළඟ අග්‍රාමාත්‍යධුරය සඳහා නාමල් රාජපක්ෂ මහතා ඉතා සුදුස්සෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන පවසයි.

රජයේ ඕනෑම තනතුරක් දැරීමට නාමල් රාජපක්ෂ මහතා සුදුසු යැයිද, ඊට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්ද ඔහුට ඇති බවද, ඔහුගේ පවුල් පසුබිම තුලින් මෙරට ඉහළ නායකත්වයකට අවශ්‍ය පන්නරය ලැබී ඇතැයිද සහන් ප්‍රදීප් විතාන මහතා පැවසීය.

තරුණ නායකත්වයකට රට ගොඩනැගීමට අවස්ථාව ලබාදුන්නොත් එම කාර්ය නාමල් රාජපක්ෂ මහතාට ඉතා හොඳින් කලහැකි බවද හෙතෙම කීය.

මෙරට රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට තරුණ නායකත්වයකට අවස්ථාවක් ලබාදීම කාලෝචිත බවද සහන් ප්‍රදීප් විතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය (මව්බිම )