පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (18) ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් 25 වන දින අංක 2194/73 දරණ ගැසට් පත්‍රය මඟින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබුණි.

එම ගැසට් නිවේදනයට අනුව වට ප්‍රමාණය අඟල් 13 වැඩි පොල් සඳහා රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් ද, වට ප්‍රමාණය අඟල් 12 – 13 අතර පොල් සඳහා රුපියල් 65ක් සහ වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් සඳහා රුපියල් 60 උපරිම සිල්ලර මිලක් ද නියම කළේය.