හිටපු ජනාධිපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා දුටුගැමුණු රජතුමා මෙන් යුද්ධය මෙහෙයවන විට බැසිල් රාජපක්ෂ මහතා කාවන්තිස්ස සේ රටේ ආර්ථිකය කළමනාකරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

“බැසිල් රාජපක්ෂ මැතිතුමා කියන්නෙ අති දක්ෂයෙක්. දුටුගැමුණු රජතුමා යුද්ධෙ කරද්දී කාවන්තිස්ස රජතුමා මහා ධාන්‍ය එකතු කළා වගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධයේ වැඩපිළිවෙලත් රටත් කරනකොට බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉතාමත් හොඳ ආර්ථික කළමනාකරණයක් කළා” ‍යැයි ඇය පවසයි.