ජනප්‍රිය රංගන ශිල්පිනි නයනතාරා වික්‍රමාරච්චිට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ ඊයේ දිනයේ සිදුකළ කොවිඩ් පරීක්ෂණයකින් ඒ බව තහවුරු කර ගත් බවයි.

ඒ අනුව නිවසේ සිට නිරෝධායනය වෙමින් සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන බව ද නයනතාරා සදහන් කර තිබේ.

එම පණිවුඩය මගින් ඇය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ පසුගිය දිනවල තමන් සම්බන්ධ වූ සියලු දෙනාම කොවිඩ් පරීක්‍ෂා කර බලා ගන්නා ලෙස නයනතාරා වික්‍රමාරච්චි ඉල්ලා සිටියි.