මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් හිතවතුන් හට පොලිස් පත්වීම් ලබාදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පවසනවා.

ඒ, ඊයේ (17) දින මාධ්‍ය අමතමින්.

පාදුක්ක කොට්ඨාශයේ පොලිස් ස්ථානාධිපති ඉවත්කොට ඒ වෙනුවට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ හිතවතෙකුව ස්ථානාධිපති කොට ඇති බවයි ජගත් කුමාර මන්ත්‍රීවරයා පවසන්නේ.

දින 10ක් ඇතුළත තමා පීඩාවට පත්වී ඇති ගැටලුවලට විසඳුමක් නොලැබුණහොත් ඉල්ලා අස්වීමට පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

“මම මේ කුපාඩි වැඩේ කරන්න එපා කියලා සරත් වීරසේකර ඇමතිතුමාට කිව්වා.සරත් වීරසේකර ඇමති හා ලොකුගේ ඇමති එකතු වෙලා මට ගහනවා. මගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට පාදුක්ක සම්බන්ධීකරණ ධූරයෙන් අස් වෙනවා. එලොවට මෙලෙවෙට වැඩක් නැති ඇමතිවරු ඉන්නවා. දින 10ක් දෙනවා 27 වෙනකම්. පියවරක් ගත්තේ නැත්නම් අස්වීම ස්ථීරයි.

සරත් වීරසේකර අමාත්‍යතුමා පහුගිය උද්ගෝෂණය වෙලාවෙ අපේ හාමුදුරුවො හතරගාතෙන් වඩම්මලා අශ්හීලාචාර වැඩ කරලා රජය අපහසුතාවයට පත්කරද්දී මම ඒකට විරුද්ධව කතා කළා. ආණ්ඩුවේ ගොන්කම් කරන ඇමතිවරු ඊගාව ඡන්දෙත් ඉදිරියෙන් එන්න බලනවා හිතවතුන් පොලිසියට දාලා. ඊළඟ ඡන්දෙන් නම් එයාලා එහෙම එන්නෙ නෑ” යැයි ඔහු පවසයි.