බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්වට පැමිණීමට නියමිත බවත් ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාරය රංජිත් බණ්ඩාර ඉවත්වීමට නියමිත බවත් වාර්තා විය.

කෙසේ වෙතත් අද දිනයේදී උඩුනුවර පැවැති උත්සවයකදී පත්කළ මන්ත්‍රී රංජිත් බණ්ඩාර ප්‍රකාශ කළේ ඒ පිළිබඳව මේ අවස්ථාවේදී කථා කළ නොහැකි බවත් ඉවත් වීමේ සූදානමක් ඇත්නම් පළාතේ පවත්වන සංවර්ධන කටයුතු වලට තමා නොඑන බවත්ය.