පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව නඩු පැවරීමක් සිදුවනු ඇතැයි තමා නොසිතන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මේ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඒ සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ මත ඉදිරියේදී තීරණය කිරීමට බලාපොරොත්තු වන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා. හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ,

ගාල්ලේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.