යුගදනවි බලාගාරයේ කටයුතුවලට ඇතැමුන් විරෝධය දක්වන්නේ කුහකත්වය මත පමණක් පදනම්වී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, වසර 10ක් පුරා ස්වාභාවික ගෑස් බලාගාරයක් බවට පත්කර ගැනීමට නොහැකිවු කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය එම තත්ත්වයට ගෙනඒමට රජය උත්සහ ගනිමින් සිටින බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්,

“අවුරුදු 10ක් තිස්සේ අපිට කරගන්න බැරිවෙලා තිබුණු දෙයක් මේ අවස්ථාවේ අපි සිදුකරන්න යනකොට විරුද්ධ වෙනවා නම් මං හිතන්නේ ඒ විරුද්ධවීම සිදුකරන පුද්ගලයා ඒක කරන්නේ කුහකත්වය මත මිසක් රටට ආදරයෙන් නෙමෙයි.”