”කීයක් ඔබ තුමාට දුන්න ද රජය හිරේ ඉන්න?” යැයි ආචාර්ය අජන්තා පෙරේරා රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගෙන් ප්‍රශ්න කරයි.  

ඇය මේ බව සඳහන් කළේ, මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ජනතාවගේ මනස කඩා වැටෙන විට බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් එවිට ජනතාව සතුටට පත්වන බවත් ඇය එහිදී සඳහන් කළාය.

“කීයක් ඔබ තුමාට දුන්න ද රජය හිරේ ඉන්න කියලා? ඔබ තුමා මේ දවස් ටිකේ හොඳ ම නළුවා. ඔබ තුමා විටින් විට ගේනවා උසාවියෙන්, ආයේ ගිහිල්ලා හිරේට යනවා. ඔබ තුමා අපිට තත් වනලා යන්නේ. මොකද හොඳින් ඉන්න හින්දනේ. දැන් මේක තමා ටෙලිඩ්‍රාමා කොටස. මිනිස්සුන්ගේ මනස වැටෙන කොට ටාං ගාලා එනවා එතුමා එළියට. පෙන්නනවා එතුමා හිර භාරයට නැවත ගත්තා කියලා. දැන් මිනිස්සු සතුටට පත් වෙනවා. 

මම අහන්න කැමතියි රිෂාඩ් බදියුදීන් මැති තුමනි, ඔබ තුමාට කීයක් රජය ගෙව්වා ද හිර භාරයේ මේ දවස් ටිකේ ඉන්න කියලා?”

ආචාර්ය අජන්තා පෙරේරා මෙසේ ද ප්‍රකාශ කළා ය.

“ඔබ තුමාගේ සගයින් ඔක්කො ම ඉන්න තැන රජයත් එක්ක දැන් ඔබ තුමාත් ඒ රජයට දවසක එක්කාසු වෙනවා. ඒ එක්කාසු වෙච්ච ඔබතුමාටත් ඇමතිකමක් ලැබෙනවා. මේක තමයි ටෙලිඩ්‍රාමා එකේ අවසන් කොටස”