හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සහල් සමාගමේ ගබඩා සංකීරණයට කඬා වැඳුනු නිලධාරීන් පිරිසක් විසින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්, මේජර් ජනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතාගේ නියෝග පරිදි සහල් තොගයක් සිය භාරයට් ගෙන ඇති බව වාර්තා වනවා.

සතොසට අයත් ලොරි 20කට පමණ ආසන්න ප්‍රමාණයකට මෙම වී තොග පටවා එම ස්ථානයෙන් ඉවත්කරගනිමින් පවතින බවද මේ වනවිට තොරතුරු වාර්තා වී ඇති අතර හාල් කිලෝ ලක්ෂය ඉක්මවා එහි තිබී ඇති බව නිල නොලත් ආරංචිමාර්ග තහවුරු කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඩඩ්ලි සිරිසේන මහතා දුරකතනය ඔස්සේ ජනාධිපතිවරයා සම්බන්ධ කරගනිමින් සිය විරෝධය පළකර ඇති බවද අනාවරණය වී ඇත.

මෙම කණ්ඩායම රාජ්‍ය අමාත්‍යවරයෙකුට අයත් ප්‍රධාන පෙළේ හාල් මොලක්ද වටලා එම ස්ථානයෙන්ද සහල් තොගයක් සිය භාරයට ගෙන ඇත.