ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (26) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

මෙම හමුව මීට පෙර පැවැත්වීමට නියමිතව තිබුණත් එම අවස්ථාවේදි එය  කල් දැමුණි.

මෙම සාකච්ඡාව හෙට පෙරවරු 11.00 ට පැවැත්වීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.