නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසැලක සිදු කළ පිහි ඇනුමකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා  තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකික අන්තවාදී සැකකරු වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් පවසන්නේ, විනාඩියක් ඇතුළත නවසීලන්ත පොලීසිය විසින් ප්‍රහාරකයා ඝාතනය කරනු ලැබ ඇති බවයි.