රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සමග වැලිකඩ බන්ධනාගාරය තුළට තමන් ගිය බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව 2021 ශ්‍රී ලංකාවේ විවාහක රූ  රැජින වන පුෂ්පිකාද සිල්වා පවසයි.

ඇමැති ලොහාන් රත්වත්තේ මහතා බීමතින් වැලිකඩ බන්ධනාගාරය වෙත සිය මිතුරන් සමග ගොස් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිකර තිබුණ අතර ඒ හේතුවෙන් අමාත්‍යවරයා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්තාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්විය.

“ මගේ නමත් මේකට සම්බන්ධ වෙලා තිබෙනවා. මම මේ ගැන කිසිවක් දන්නේ නෑ. මම හිටියෙත් නෑ. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයා සමග සම්බන්ධ නෑ ඒ වගේම ඔහු ගැන මම දන්නෙත් නෑ” යැයි ඇය ඩේලිමිරර් පුවත්පට පවසා තිබේ.