බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය මීලග පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව තිබෙනවා. එම පක්ෂ නායක රැස්වීම ලබන මස 06වනදා පැවැත්වෙන බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ.

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය විසින් කතානායකවරයා වෙත ඉකුත්දා භාර දෙනු ලැබුවා. ඊට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අත්සන් කර තිබුණා.