සති තුනක පමණ කාලයක් තුළ රාජාංගනය ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කරන සේවක සේවිකාවන් 198 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බී.රත්නායක පවසනවා.

පී සී ආර් පරීක්ෂණවලට ලක් කළ එම ඇගලුම්හලේ සේවක සේවිකාවන් 29 දෙනෙකු අතරින් 21 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ දිනයේදී හදුනාගෙන ඇති බවයි වැඩිදුරටත් සදහන් කළේ.

මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 4,425 ක්. ඊයේ දිනයේදී එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 දෙනෙකු වාර්තා වු බවද අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක වැඩිදුරටත් සදහන් කළා.