ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නව රජයේ පළමු කැබිනට් සංශෝධනය අද සිදු වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

නව කැබිනට් සංශෝධනයට අනුව අවම වශයෙන් අමාත්‍යංශ 4 ක අමාත්‍යවරුන් වෙනස්වීමට නියමිතයි.

අමාත්‍යාංශ වෙනස්වන අමාත්‍යවරුන් අතර මහාචාර්ය ජී.ඇල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අයගේ නම් කියැවෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, මහාචාර්ය ජීඑල් පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත් කෙහෙළිය රඹුක්වැල්ල විදුලිබල අමාත්‍යවරයා ලෙසත් පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ආන්දෝලනාත්මක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනසක් පිළිබදවද මේ වන විටත් කතාබහක් ඇතිව තිබෙනවා.