මෙරට ආර්ථිකය යතා තත්වයට ගෙන ඒම සඳහා ඩොලර් මිලියන 250 ක් හෝ 300 ක් අවශ්‍ය වන බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පැවති ඔන්ලයින් සකච්ඡාවකදීයි.

චීනයෙන් සහ බංගලාදේශයෙන් මෙරටට ලද මුදල් ප්‍රමාණය රටේ ආර්ථික අර්බුදවලින් ගොඩ ඒමට තරම් ප්‍රමාණවත් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ

එමෙන්ම, බංගලාදේශයෙන් මෙරටට ලද මුදල නැවත පොලියක් සමග ගෙවන්නට සිදුවන බවත් චීන රජයෙන් යුවාන්වලින් ලංකාවට ලද ණය නැවත ගෙවන්නට වන්නේ ඩොලර් වලින් බවත් ඔහු පෙන්වා දෙනවා.