රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඇය අද පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ඒ අනුව, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත ඇය මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර ඇගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද නියෝග කළා.

රාජගිරිය ගුවන් පාලම අසල වැලිකඩ මංසන්ධියේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙනුයි උමාරියා සිංහවංශ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ පස්වරුවේදී මෙම අනතුර සිදුවුනේ උමාරියා සිංහවංශ ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය, ත්‍රීරෝද රථයක ගැටීමෙන්.

ඉන් 38 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරා බරපතල තුවාල ලැබූ අතර ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුලත් කර තිබෙනවා.