කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,210 දෙනෙක් අද (28) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 254,828 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

අද දිනයේ ආසාදිතව සිටි 2,251ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය ද 221,249ක් විය.