කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශන විදෙස් සංචාරකයින් සඳහා ලිහිල් කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කර තිබේ. අදාල ලිපිය සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ සංචාරක මණ්ඩල සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මේ වන විට රුසියාවේ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා පිටත්ව ගොස් තිබේ.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් යොමු කර ඇති මෙම ලිපියෙන් පූර්ණ එන්නත්කරණයට ලක් කළ ගුවන් යානා කාර්ය මණ්ඩලවලට මුව ආවරණ ඉවත් කිරීම, පැය 72ක් ඇතුළත PCR පරික්ෂණ කළ අයට, මගීන් සඳහා අවශ්‍ය නීති ඉවත් කිරීම, අවු. 12 සහ ඊට අඩු දරුවන් PCR පරික්ෂණවලින් නිදහස් කිරීම සහ පූර්ණ එන්නත්කරණය කළ සංචාරකයින් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීම සඳහා එමගින් අවසර ඉල්ලා තිබේ.