ශ්‍රී ලංකා විවාහක රූ රැජිණිය පුෂ්පිකා ද සිල්වා තමන්ගේ නම ඈඳාගනිමින් ලොහාන් රත්වත්තේ සමග එල්ලුම් ගහ බලන්න ගිය බවට මුලින්ම දෙරණ මාධ්‍ය ජාලය සිදු කළ ප්‍රචාරයක් සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබේ. ඇය දෙරණ සභාපති දිලිත් ජයවීර වෙත ලිපියක් යොමු කර ඇති අතර ඒ බව ඇගේ මුහුණු පොත ඔස්සේ සටහනක් ද තබා ඇත.

එකී සටහන හා යැවූ ලිපිය පහතින්.

අප මේ සමාජය තුළ සැබෑ මනුෂ්‍ය ගුණාංගයන් සහිතව ජීවත් විය යුතුය. වෙනත් මනුෂ්‍යයෙකුගේ වටිනාකම, ආත්ම ගෞරවය, අවංකභාවය, වැදගත්කම සහ සත්‍යවාදී බව ආදී උසස් ගුණාංගයන් වෙත ගරු කල යුතු ය.

මේ සමාජය තුළ ජීවත් වීමේ දී අපගේ වගකීම වන්නේ අප භාරගන්නේ මොනවාද..? අප විසින් ප්‍රතික්ෂේප කරන්නේ මොනවාද ? අප තවත් පුද්ගලයකු පිළිබඳව ප්‍රකාශ කරන්නේ මොනවා ද? ආදී දේ පිළිබඳව ඉතා බුද්ධිමත්ව තෝරා ගැනීමයි.

එක්තරා රූපවාහිනී නාලිකාවක් විසින් මෑතක දී විකාශනය කළ ප්‍රවෘත්තියක විවාහක රූ රැජිනක් සම්බන්ධ කොටගෙන අසත්‍ය තොරතුරක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් එම නාලිකාවට සහ අනෙකුත් වගකිවයුතු පාර්ශවයන් වෙත මා විසින් යොමු කළ මෙම ලිපිය මම ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරමි.

මම සැමවිටම මාගේ හෝ වෙනත් ඕනෑම කෙනෙකුගේ චරිතයක් ඝාතනය කිරීමට, අපහාස කිරීමට හෝ මානසික හිංසනයට ලක් කිරීම සැමදා ප්‍රතික්ෂේප කලෙමි. කාන්තාවක් වශයෙන් එයට එරෙහිව ශක්තිමත් ව සැමදා නැඟී සිටියෙමි. එවැන්නක් සිදු කිරීමට මින් ඉදිරියටත් මම කිසිඳු වාතාවරණයක් යටතේ ඉඩ නොතබමි. එය මාගේ ජීවත් වීමේ ප්‍රතිපත්ති අතර ඇති මූලධර්මයකි.

– පුෂ්පිකා ද සිල්වා