ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු ප්‍රසූතිය ඊයේ (21 ) උදෑසන කොළඹ නයින්වෙල්ස් රෝහලේදී සිදුකෙරිනි.

ලොව අතිශය දුර්ලභ සිදුවීමක් වන එකවර දරුවන් සයදෙනෙකු බිහි කිරීමේ සය නිවුන් දරු උපතක් මෙතෙක් ශ්‍රී ලංකාව තුල සිදු වී නොමැත.

දියණියන් තිදෙනෙක් සහ පුතුන් තිදෙනෙකු බිහිකරමින් සිදුකල සිසේරියන් ශල්‍යකර්මය සිදු කලේ විශේෂඥ ප්‍රසව සහ නාරිවේදී මහාචාර්ය වෛද්‍ය ටිරාන් ඩයස් මහතා විසිනි.

සති තිහක් වයසැති බිළිඳුන් සයදෙනා මේ වන විට නවජන්ම ලදරු ඒකකයේ, විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ සහ විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ යටතේ සත්කාර ලබති. මෙහි නව ජන්ම ළදරු කණ්ඩායම් නායක ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය සංකල්ප මාරසිංහයි.

දරුවන් සය දෙනාම මේ වන විට යහපත් තත්වයේ පසුවන අතර, සය නිවුන් උපතක දරුවන් සයදෙනාම නිරුපද්‍රිතව රැකබලාගැනීම අතිශය අභියෝගාත්මක රාජකාරියක් බවත්, ඒ සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් සහ හෙද කාර්‍ය මණ්ඩලයක් ඇතුලු විශාල පිරිසක් දිවා රාත්‍රී වෙහෙසෙන බවත් නයින්වෙල්ස් රෝහල් ආරංචි මාර්ග පවසයි.