ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර දැක්වීම සහ සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100 ක අතිරේක ණය මුදලක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ ණය මුදල ලබාදීම සඳහා ලෝක බැංකුව මේ වන විටත් එකඟතාව පළ කර අවසන්.

එම අතිරේක ණය මුදල ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14 ක් මිලදී ගැනීම සහ එන්නත් ලබාදීමේ කාර්යයේ පිරිවැය සඳහා යොදා ගැනීම, රජයේ සැලසුමයි.

මේ අතර 2021 වසර සඳහා අනුමත රුපියල් බිලියන 2,997ක රජයේ ණය සීමාව බිලියන 3,397 දක්වා, බිලියන 400කින් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.