අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍ය ජී.එල්. පීරීස් මහතා ද්විපාර්ශීය සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සඳහා ඉතාලියට යන බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (සැප්.7) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ද සිදු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.