හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී ඇති අල්ලස් හෝ දූෂණ සම්බන්ධ චෝදනාවලට අදාළව පැවති විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස බව විශ්වාස කෙරේ.