ආණ්ඩුව බලයට පත් කරන්න ඡන්දය දුන් 69 ලක්ෂයෙන් බහුතරයක් අද ආණ්ඩුව ගෙදර යවන්න පාරට බැස සිටින බව එක්සත් ජාතික  පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පැවසීය.

රටේ ආර්ථිකය හදන්නට හැකි එකම විකල්ප බලවේගය එක්සත් ජාතික පක්ෂය පමණක් බවද විජයවර්ධන සඳහන් කළේය.

නැවත ශක්තිමත්ව රටේ බලවත්ම පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පත් කිරීමේ වැඩසටහන අපි ඉදිරියට ගෙන යන බවද නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා බදුල්ල, හාලි ඇල හා ඌවපරණගම ප්‍රදේශවල පක්ෂ සංවිධාන කමිටු ඇරඹීමෙි වැඩසටහන් වලට සහභාගී වෙමින් කීය.