අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 581ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවේ වෘත්තිය සමිති 14ක් අද (05) උදෑසන සිට ආරම්භකර ඇති වැඩවර්ජන හේතුවෙන් දෛනික PCR පරීක්ෂවලට බාධා එල්ල වී ඇති බවත් එහි ප්‍රතිඵල පමාවී ඇති බවත් යුද හමුදාපතිවරයා තවදුරටත් පැවසීය.