අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,731ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 241,420ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1,898ක් ද අද දිනයේ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්තය 207,287ක් ලෙස වාර්තා වේ.