අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති.

මාලනී ෆොන්සේකා අපි පාසල් යන කාලේ ඉඳලම අපේ සිහින රැජනියක්. ඒ ආදරය අපිට හැමදාම තිබුණා. ඉතින් මාලනී ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරියක් හැටියට මුණගැහෙන වෙලාවේ ඇත්තටම මම නම් මාලනී කොන්සකාව දැක්කේ දේශපාලඥවරියක් හැටියට නෙමෙයි. මන්ත්‍රීවරයක් හැටියටත් නෙමෙයි. වෙනදාත් අපි හැමදාම ආදරය කරපු සිංහල සිනමාවේ නිල රැජින හැටියට.
ඉතින් ඒ නිසා විශේෂයෙන්ම සිංහල සිනමාවට එන්න කැමති මේ සිනමාවේ ජයග්‍රහණයන් දකින්න කැමති අලුත් පරම්පරාවට ලොකු ධෛර්යක් ගෙනාපු ප්‍රතිභාපූර්ණ නිලියක් මේ වගේ ඇසුරු කරන්න ලැබිච්ච එක ලොකු භාග්‍යයක්. ඇය වගේ නිලියක් නැතිවීම සිංහල සිනමාවට ලොකු පාඩුවක් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. ඉතින් රාජ්‍ය අනුග්‍රහ සහිතව ඇයගේ අවසන් කටයුතු කිරිමට මේ රජයේ මහජන නියෝජිතයෙක් හැටියට අවස්ථාව ලැබීම එක අතකින් ඇයට කරන ගෞරවයක්.

වැඩිදුර විස්තර සඳහා>>>>>>>