විමල් වීරවංශ – ජාතික නිදහස් පෙරමුණේ නායක.

තමන් විසින් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට ලබා දුන් ප්‍රකාශය විකෘති කර මාධ්‍ය වෙත ලබා දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

තමා විසින් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශය ලබා දුන් බව සහ පොලීසිය විසින් එහි කොටස් කිහිපයක් පමණක් සංශෝධනය කර මාධ්‍ය වෙත ලබා දී ඇති බවයි සිය Facebook ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

පොලීසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද ප්‍රකාශයක් වන අතර, එය නීතිගරුක පොලීසියකට ගැළපෙන කටයුත්තක් නොවන බවයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ.