පාර්ලිමේන්තුව අද (24) දිනයේදීත් රැස්වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

එසේම, පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා කාලය අභාවප්‍රාප්ත හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලොහාන් රත්වත්තේ, හීන්මහත්මයා ලියනගේ, ඩික්සන් ජේ. පෙරේරා, (ආචාර්ය) මර්වින් ඩී. ද සිල්වා, වයි.ජී. පද්මසිරි, ආර්.එම්.ආර්. චූල බණ්ඩාර යන මහත්වරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.