වත්මන් ආණ්ඩුව බලයට පත්වූ ආසන්නයේදීම මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සඳහන් කරයි.

නමුත් තමන් දැම්ම පාර්ලිමේන්තු නොඑන බව කියමින් බැසිල් රාජපක්ෂ ඒ අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කළ බවද ඔහු පැවසුවේ.

නමුත් කොරෝනා අර්බුදය හමුවේ ආර්ථිකය බරපතළ තත්ත්වයකට පත්ව ඇති නිසා බැසිල් රාජපක්ෂ මේ මොහොතේ පාර්ලිමේන්තුවට පැමිණීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දෙයි.

බැසිල් රාජපක්ෂ මහතාට ‘මොළ හතක්’ ඇති නායකයෙක් බවත් ඔහුට දුරදක්නා නුවණක් ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.