ප්‍රංශයේ ගිනිකොන ප්‍රදේශයේ නිල සංචාරයක යෙදෙන අතරතුර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට යම් පුද්ගලයෙකු මුහුණට පහර දී තිබේ.

එමානුවෙල් මැක්‍රොන් වැලෙන්ස් නගරයෙන් පිටත පිහිටි Tain-l’Hermitage වෙත යන ගමන අතරතුර මාර්ග බාධකයක් පිටුපස සිටින පිරිසක් වෙත ගමන් කරන අයුරු සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක දැකගත හැකිය.

නිලධාරීන් ඉක්මණින් ක්‍රියාත්මක වීමට පෙර යම් පුද්ගලයෙකු මැක්‍රොන්ගේ මුහුණට පහර දුන් අතර, ඊළඟ මොහොතේ දී ජනාධිපතිවරයා ඉවතට ඇදගෙන යනු ලැබීය.