ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබාදීමට ලෝක බැංකුව අනුමත කර තිබේ.

ලෝක බැංකුවේ විධායක මණ්ඩලය අදාළ අනුමැතිය ඊයේ (30) ලබාදුන් බව සඳහන් විය.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සැපයුම්දාමයන් එකිනෙකට සම්බන්ධ කිරිම සඳහා ආරක්ෂාකාරී, දේශගුණික බලපෑම්වලට ඔරොත්තුදෙන මාර්ග පද්ධතියක් සැකසීම සඳහා වූ අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය (Inclusive Connectivity and Development Project) යටතේ එම ණය මුදල් අනුමත කර තිබුණි.

මෙම ව්‍යෘපාතිය මගින් ශ‍්‍රී ලංකාවේ තෝරාගත් දිස්ත‍්‍රික්කවල ග‍්‍රාමීය ප‍්‍රදේශයන් හි ජිවත්වන මිලියන 16 ක ජනතාවකට ප‍්‍රතිලාභ ගෙනදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.