මහමැතිවරණයක් හෝ වෙනයම් ජන්දයක් පැවැත්වුවහොත් ‌රටේ ජනතාව සිටින තැන ආණ්ඩුවට දැනගත හැකි වනු ඇති බව අභයාරමරාධිපති පූජ්‍ය මුරුත්තටේටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

උන්වහන්සේ කියා සිටියේ දැන් අපට වී ඇත්තේ ඉගුරු දී මිරිස් ගත්තා හා සමාන දෙයක් බවය.

උන්වහන්සේ මේ බව පවසා සිටියේ පරාක්‍රම සමුද්‍රයේ ඉදිකරන ඇවිදින මන්තීරුවට විරෝධය පළකරන භික්ෂුන් වහන්සේලා ඊයේ දින පූජ්‍ය මුරුත්තටේටුවේ ආනන්ද හිමියෝ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය.