කඩාකප්පල්කාරී උද්ඝෝෂණ සම්බන්ධයෙන් රජය මෘදු ප්‍රතිපත්තියක නොසිටිය යුතු බව ත් දැඩි පියවර ගත යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අවධාරණය කරයි.

එලෙස දැඩි පියවර නොගත හොත් රට සෑදිමට නොහැකි වන බව සඳහන් කරන අමාත්‍යවරයා පැවසුවේ, කැබිනට් මණ්ඩලයේදී පවා තමන් ඒ පිළිබඳ සඳහන් කර ඇති  බව ය.

”මහජන ආරක්ෂක ඇමති විදිහට මං කැබිනට් එකෙත් කියලා තියෙන්නේ අපි මෘදු ප්‍රතිපත්තියක ඉන්න නරකයි. යම් කිසි දැඩි පියවරක් ගන්න ඕන එහෙම පියවර ගත්තෙ නැත්නම් අපිට මේ රට හදන්න බැහැ”

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙම අදහස් පළ කළේ, සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

කඩාකප්පල්කරුවන් වසංගතය ඇති අවස්ථාවේ එක් ලක්ෂ හයදහසක පිරිසක් උද්ඝෝෂණ සඳහා පාරට රැගෙන ආ බව ත්  ගුරු වර්ජන කරන රටක නෑගීමක් නොමැති බව ත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, කඩාකප්පල්කරුවන්ට විරුද්ධව අනිවාර්යෙන් ම පොලීසිය භාර අමාත්‍යවරයා ලෙස තමා ඉතා දැඩිව ක්‍රියා කරන බවයි.

”වසංගතය තියෙන කොට ගත්ත එක්ක්ෂ හයද හසක් පාරට උද්ඝෝෂණවලට ..ඇත්ත වශයෙන් කියනව නම්, ඔය ජෝසෆ් ස්ටර්ලින් උස්සගෙන ගියේ මං විතර ද? උස්සගෙන ගිය එකටත් මට මඩ ගැහුව ද බැන්න ද? පොලීසියට එතකල් තිබ්බෙ නැහැ. නියෝගයක් ඒකට මොන තරම් බැන්න ද? ජනතාව අපිත් සමග හිටිය ද නෑ නේ”

වසංගත තත්ත්වයක් පවතින සහ ආර්ථිකය මේ තරම් පහත වැටී ඇති අවස්ථාවක වැඩි පඩි ඉල්ලා අහිංසක ගුරුවරු නොමග යවා ඇති බව ද ඔහු එහිදී සඳහන් කළේ ය.