කුමන බාධක , අභියෝග පැමිණිය ද අවුරු 3 තුළ වැව් 5,000 ක් සංවර්ධනය කිරීමේ ඉලක්කය අභිබවා වැව් 7,500 වැඩි වැව් සංඛ්‍යාවක් සංවර්ධනය කිරීමේ ඉලක්කය සපුරන බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා අද (26) මේ බව සඳහන් කළේ, ත්‍රිකුණාමාලයේ කිතුල් උතුව වැව නිරීක්ෂණය කළ අවස්ථාවේ ඇවිදින මංතීරුව පිළිඳව ගත් තීන්දුව සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

තව ද මංතීරුවක් සැකසීම පෞද්ගලිකව ගන්නා තීන්දුවක් නොවන බවත් ඉංජිනේරුවරු , තාක්ෂණික නිලධාරින්, වාරිමාර්ග ඉහළ නිලධාරීන් ඇතුළු පිරිස් ඒ සඳහා නියමිත තාක්ෂණික දැනුම ලබා දීමෙන් අනතුරුව අනුමත කරන්නේ නම්, එය වෙනස් කිරීමට කිසිවෙකුට සාධාචාරාත්මක අයිතියක් නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරය එහිදී සඳහන් කළේ ය.