යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් විකිණීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමේ දී ආණ්ඩුව තම අදහස් නොතකා හැරි බව ඇමැති වාසුදේව නානායක්කාර පවසයි.

එමෙන්ම මෙම ගිවිසුමට තමන් එකඟ නැති බව ද ඇමැති වාසුදේව නානායක්කාර පැවසුවේය. එමෙන්ම එම ගිවිසුම තමා දැක නොමැති බවත් මෙම ගිවිසුම වළක්වා ගැනීමට නොහැකි වූයේ ආණ්ඩුව තුළ තමන්ට ප්‍රමාණවත් බලයක් නොමැති නිසා බවත් ඇමැති වාසුදේව සඳහන් කළේ ය.