ඇවිදින මං තීරු දේශපාලන උවමනාවක් මත ඉදි නොකරන බව තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රටේ ජනතාවගේ කායික සහ මානසික සුවය ලබා දීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම සඳහා මෙම ඇවිදින මං තීරු ඉදිකරන බවය.

“ඇවිදින මං තීරු නිර්මාණය කරන්නේ, ආණ්ඩුවට ඡන්ද ගන්න නෙවෙයි. මොක ද මං තීරු හදලා ඡන්දෙ ගත්තු ආණ්ඩුවක් ලංකාවේ නැහැ. දීපු කෙනෙකුත් නැහැ. අපේ ගෙදර ඉස්සරහ මං තීරු හැදුවට ඡන්දෙ දීපු කෙනෙක් ඉන්නවද? නැහැ. කොළඹ මං තීරු හැදුවා, එක්කෙනෙක් ඡන්දෙ දුන්න ද?,” යනුවෙන් අමාත්‍යවරයා ප්‍රශ්න කළේය..

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, පොළොන්නරුවේ ඉදි කරන ඇවිදින මංතීරුව පිළිබඳව විරෝධයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියට තීරණයක් ගත හැකි බවය.