මහනුවර නගරයේ දළදා මාළිගය සංකීර්ණය තුළ පිහිටා ඇති මහනුවර ඉපැරණී රජ මාළිගය සංරක්ෂණය කිරීම, පුරා විද්‍යා කෞතුකාගාරය නවීකරණය කිරීම ඇතුලු සංරක්ෂණ වැඩසටහන් කිහිපයක් සදහා ඇමෙරිකානු රජය මෙරටට රුපියල් පන් කෝටි විසි ලක්ෂයකට වැඩි මුදල් ප්‍රදානයක් කළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි.

මහනුවර නගරයේ ඇති මෙම ‌ඓතිහාසික ස්ථාන සංරක්ෂණය කිරීමෙන් මෙරට සංචාරක කර්මාන්තය දිරි ගැන්වීමට ,ආර්ථික සංවර්ධනය පුවර්ධනය කිරීමටත් , ලංකාවේ සංස්කෘතික උරුමය සංරක්ෂණය කිරීමටත් දායක විමට ඇමෙරිකාව අපේක්ෂ කරන බවද තානාපති කාර්යාලය සදහන් කරයි

සංස්කෘතින සංරක්ෂණය සදහා වන එක්සත් ජනපද අරමුදල 2001 වසරේ සිට රජගල බෞද්ධ වන සෙනසුන සංරක්ෂණය ,අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ බෞද්ධ , හින්දු සහ අනෙකුත් පුරාවස්තු එකතුවන් සංරක්ෂණය , මඩකලපුව ලන්දේසසි කොටුව ප්‍රතිසංස්කරණය ඇතුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 14 ක් සදහා අරමුදල් සපයා දී ඇතැයි ඇමෙරිකා තානාපති කාර්යාලය පෙන්වා දේ.