නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොකොට සුරාසල් සහ සූදු පොළවල් විවෘත කර තිබියදී එළඹෙන පළමු වන දා රට විවෘත කිරීම නව රැල්ලකට මග පෑදීමක් වන බවත් රට විවෘත කිරීමට තරම් සුදුසු වාතාවරණයක් තවමත් නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කළුබෝවිල පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය.

ඒ අනුව, එක් කැබිනට් අමාත්‍යවරයෙකු යටතේ පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශය වර්තමානය වන විට රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු යටතට පත් කිරීමෙන් අමාත්‍යාංශය තුළ වර්තමානය වන විට අභ්‍යන්තර ජංජාලයක් ඇති වී ඇතැයි ද ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව ඖෂධ නිෂ්පාදන සංස්ථාව ආදියෙහි සභාපතිවරුන්ගේ වංචාසහගත ක්‍රියා හේතුවෙන් එම ආයතනය අති දූෂිත ස්ථාන බවට පත්වීමට එම සභාපතිවරුන් පත් කළ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වගකිව යුතු බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

පසුගිය රජයේ වැරදි පෙන්වමින් ජනතාව ඇන්දවීමට උත්සාහ නොගන්නා ලෙසට වර්තමාන රජයට දන්වා සිටින බවත් වෛද්‍ය රුක්ෂාන් මහතා පැවසීය.