රුපියල් 7,500ක කොවිඩ් සහන දීමනාව නතර කිරීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති අද (27) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 44ක් අද උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්වා පැය 5ක කාලයක් සේවයෙන් ඉවත්වී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියැලීමට නියමිතයි